මුල් පිටුව උණුසුම් පුවත් ඇමරිකානු සිහින බොඳ කරමින් ජීවිතයට සමුදුන් සංක්‍රමණිකයින්

ඇමරිකානු සිහින බොඳ කරමින් ජීවිතයට සමුදුන් සංක්‍රමණිකයින්

0

මෙක්සිකෝවේ සිදු වූ ට්‍රක් රථ අනතුරකින් එහි ගමන් ගත් සංක්‍රමණිකයින් පනස් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මධ්‍යම ඇමරිකාවේ සිටි ඇමරිකාවට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් අනතුරට පත්වූ ට්‍රක් රථය තුල සියයකට අධික සංක්‍රමණිකයන් පිරිසක් සැඟවී ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවේ.

අනතුරුන් එම ස්ථානයේදීම පුදග්ලයින් 49 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් පස් දෙනෙකු රෝහල් ගතකිරීමෙන් අනතුරුව මර්ණයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව පිරිස අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව මෙක්සිකෝ බලධාරීන් පවසයි.

දැනට වාර්තාවන අන්දමට මෙම සංක්‍රමණිකයින් පිරිස ගෝතමාලවේ සිට පැමිණි පිරිස් බවට සැක කරන අතර ඔවුන් සියලුදෙනාම මෙක්සිකෝ දේශ සීමාව හරහා ඇමරිකාවට ඇතුළු වීමේ අරමුණින් පසුවූවන් බවද බලධාරීන් සැක පළකරයි.

සිද්ධිය ඇසින් දුටුවකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ විශාල වංගුවක් සහිත මාර්ගයේ ගමන් කළ ට්‍රක් රථය රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමත් සමඟ පෙරලී ගොස් ඇති බවයි.

රථය පෙරලීමෙන් පසුව එහි තෙරෙපිමින් ගමන් කරමින් සිටි පිරිස ඉවත් විසිවී ගොස් ඇති අතර ඇතමෙක් රථයට යටවීමන් අනතුරට පත්ව තිබේ.

එමෙන්ම දරුණු ලෙස අනතුරට පත්වූවෙක සමග සිටි තවත් සංක්‍රමණිකයෙක් “නුඹ කොහොම හරි අම්මට දුන්න පොරොන්දු ඉටුකරන්න හුස්ම අල්ලගෙන ඉන්න” යනුවෙන් පැවසූ බවද සිද්ධිය දුටුවෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මධ්‍යම ඇමරිකාවේ ඇතිව තිබෙන දේශාපාලන සහ ආර්ථික අස්ථාවරත්වයත් සමඟ බොහෝ දෙනා මෙක්සිකෝව ඔස්සේ ඇමරිකාවට ඇතුළුවීමට උත්සහ කරයි. එහිදී බොහොදෙනා සිය ජීවිතය පරදුවට තබා මෙම ගමන් වලට එක්වන අතර ඉතා දුෂ්කර ලෙස ඔවුන් මෙම දේශ සීමා තරණය කරනු ලබයි.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version