Home උණුසුම් පුවත් තාක්ෂණික පොකුරු හදන ඩිජිටල් වැඩමුළුවක් හෙට කොළඹදී

තාක්ෂණික පොකුරු හදන ඩිජිටල් වැඩමුළුවක් හෙට කොළඹදී

තාක්ෂණික පොකුරු හදන ඩිජිටල් වැඩමුළුවක් හෙට කොළඹදී

බස්නාහිර පළාත් ඩිජිටල් තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩමුළුව හෙට (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

තාක්ෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් තාක්ෂණ අමාත්‍යාංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, විදුලි සංදේශ සේවා සැපයුම් කරුවන්, කර්මාන්ත හවුල්කරුවන් එක්ව එම වැඩමුළුව සංවිධානය කරයි.

බස්නාහිර පළාත තුළ තාක්ෂණික පොකුරු නිර්මාණය උදෙසා දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම වැඩමුළුව සංවිධානය කරන්නේ පස්වෙනි වතාවට වන අතර මීට පෙර ශ්‍රී ලංකාවේ කලාප කීපයක් ආවරණය වන පරිදි මෙම ඩිජිටල් වැඩමුළුව සංවිධානය කර තිබුණි.

මෙවර සමුළුව බස්නාහිර හා වයඹ පළාත් මුල් කරගනිමින් පැවැත්වේ.

මගින් නව සම්බන්ධතා පුළුල් කිරීමත් පවතින සම්බන්ධතා ශක්තිමත් කිරීමත් මෙන්ම ජාතික ඩිජිටල්කරණ ඒ ගමන් මඟ හා සැලසුම් පිළිබඳවත් අදහස් ඉදිරිපත් කිරීමට නියමිතය.

විදුලි සංදේශ තාක්ෂණ කර්මාන්ත නිලධාරීන් , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙම සැසිවාරයට සහභාගි වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here