පාකිස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකිකයෙකුට අමානුෂීය ලෙස පහරදී ඝාතනය කර පසුව පුළුස්සා දමා ඇති බවට වාර්තාවේ.
එරට පන්ජාබ් හී සියල්කොට් නගරයේ කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකිකයා සේවය කර ඇත.
ඔහු නමින් ප්‍රියන්ත කුමාර ලෙස හඳුනාගනෙ ඇති බවද පාකිස්ථාන පොලිසිය සඳහන් කරයි.
මරණයට පත්වු කුමාර විසින් තමන් සේවය කළ කර්මාන්ත ශාලාවේ අන්තවාදී ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් විසින් අලවා තිබූ පෝස්ටරයක් ගලවා කසල බඳුනකට තමා ඇතැයි වාර්තවේ.
අදාල පෝසටරයේ කුරානයේ පද්‍යක්ද අන්තර්ගතව තිබී ඇති අතර එය දුටු කර්මාන්ත ශාලාවේ සේවකයින් ඊට උරණ වී කුමාරට පහරදී ඇතැයි වාර්තවේ.
පසුව ඔහු අසල මාර්ගය වෙත ඇදගෙන ගොස් එහිදී සියයකට අධික පිරිසක් ඉතා අමානුෂික ලෙස කුමාර හට පහර දී ඇති අතර ඊට තරුණ පිරිස් වැඩි වශයෙන් එක්ව ඇති බවත් සඳහන්ය.
අධික පහරදීම් වලින් එම ස්ථානයේදීම මරණයට පත් කුමාරගේ සිරුරට පහරදීමට පැමිණ පිරිස විසින් ගිණි තබා ඇති බවත් එහිදී ඔහුගේ සිරුර දැඩි ලෙස පිලිස්සී ඇති බවටද වාර්තවේ.
සිද්ධිය එරට වෙලාවෙන් අද උදෑසන 11.26 පමණ සිදුව ඇති අතර එම ස්ථානයට පොලිසිය 11.46ට පැමිණියද ඒවන විටත කුමාර ඝාතනය වී අවසන් බව පාකිස්ථාන පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සියයකට අධික පිරිසක් මේවන විටත් අත් අඩංගුවට ගෙන ඇති බවද එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මේවන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.