මුල් පිටුව අධ්‍යාපනය රසායන විද්‍යාවෙන් ජාත්‍යන්තරයට යන්න ඔබ සුදානම් ද?

රසායන විද්‍යාවෙන් ජාත්‍යන්තරයට යන්න ඔබ සුදානම් ද?

0

අ.පො.ස උසස් පෙළ (local or UK syllabus) සඳහා රසායන විද්‍යාව විෂයයක් ලෙස අනුගමනය කරන සිසුන්ට ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් 2022 හි මූලික තේරීම් විභාගය දැන් සහභාගී විය හැකියි. 2022 ජූලි 1 දිනට වයස අවුරුදු 20 ට අඩු නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකියි.
වැඩිදුර විස්තර සඳහා https://www.web.ichemc.edu.lk/cosl/ වෙත පිවිස විස්තර දැනගත හැකියි.

මේ තේරීම් විභාගයෙන් තේරී පත් වන සිසුන්ට චීනය විසින් සත්කාරකත්වය දරන 54 වැනි ජාත්‍යන්තර රසායන විද්‍යා ඔලිම්පියාඩ් (IChO) තරගයට සහභාගී විය හැකියි. ජාත්‍යන්තර  IChO යනු රසායන විද්‍යාව හා සම්බන්ධ ගැටළු විසඳීමේදී ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ සංජානන කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලොව පුරා සෑම තරාතිරමකම සිටින ද්විතීයික පාසල් සිසුන් සඳහා සංවිධානය කරන ලද තරඟයකි. 2021 වසරේ තරඟය ජපානය විසින් ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා පවත්වන ලදී. න්‍යායාත්මක විභාගය දුරස්ථ විභාගයක් ලෙස 2021 ජූලි 28 වන දින පවත්වන ලදී. රටවල් 79 කින් ඉහළ දක්ෂතා ඇති උසස් පාසල් සිසුන් 312 දෙනෙක් ICHO 2021 සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ දුරස්ථ න්‍යාය විභාගය රසායන විද්‍යා ලංකා ආයතනයේ මූලස්ථානයේදී පවත්වන ලදී.

2021 වසරේ පැවති 53 වැනි ජාත්‍යන්තර රසායන විද්‍යා ඔලිම්පියාඩ් (IChO) තරගයේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට කෙළඹි ආරච්චිගේ අචිර හංසිඳු (ගාල්ල මහින්ද විද්‍යාලය), නදුන් නවීන්ද්‍ර රාජපක්ෂ (මහනුවර ධර්මරාජ විද්‍යාලය) සහ මනුජය ප්‍රවීන් විජේසිංහ (කොළඹ රාජකීය විද්‍යාලය) ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

රසායන විද්‍යා ඔලිම්පියාඩ් ශ්‍රී ලංකා (COSL) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගයේ නිල සංවිධායකවරයා වන්නේ ලංකා රසායන විද්‍යා ආයතනයයි (IChem). මේ වසරේ 2021 මැයි 30 වැනි දින පැවති ජාතික තරගයේ හොඳම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් සිව්දෙනා ICHO 2021 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට තෝරා ගන්නා ලදී. ජාතික විශ්වවිද්‍යාලවල සහ රසායන විද්‍යා ආයතනයේ මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් මෙම කණ්ඩායම පුහුණු කරන ලදී. ආචාර්ය චින්තක රත්නවීර (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය) සහ ආචාර්ය ඉරේෂිකා ද සිල්වා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය) ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයන් වූහ.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ දෙවැනි වරටත් ICHO සඳහා සහභාගි වූ බැවින් මෙය සැබවින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. 2020 දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත් අතර තුර්කියේ සත්කාරකත්වය දරන ICHO 2020 හිදී ගෞරවනීය ලෙස සඳහන් කර ඇත.

චීනය විසින් සත්කාරකත්වය දරන ICHO 2022 සඳහා හොඳම කණ්ඩායම තෝරා ගැනීම සඳහා COSL 2022 හි මූලික වටය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ජාතික තරඟයට සහභාගී වීමට කැමති අයට වැඩි විස්තර සඳහා https://www.web.ichemc.edu.lk/cosl/ හරහා COSL වෙබ් අඩවියට පිවිසිය හැක.

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version