තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කටකැඩුණු අයගෙ කතාවලට ආණ්ඩුවෙන් යන්නෙ නෑ" -මහින්ද අමරවීර

    “කටකැඩුණු අයගෙ කතාවලට ආණ්ඩුවෙන් යන්නෙ නෑ” -මහින්ද අමරවීර

    කට කැඩුණු කතා කියමින් පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්කරන කිහිප දෙනකු කී පලියට ආණ්ඩුවෙන් ඉවත්වීමට තම පක්ෂය සූදානම් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට පැමිණියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආරාධනය අනුව යැයිද ඔහු සඳහන් කළේය.

    වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා නිසා බව කටකැඩිච්ච කතා කියන උදවිය අමතක නොකළ යුතු බව ඔහු පැවසීය.

    2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමට කටයුතු කළෙත් අද කෑගහන අයම බව කී අමාත්‍යවරයා ඔවුන් මෙවරත් ඒ දෙයම සිදුකරන බවද සඳහන් කළේය.

    කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී අමාත්‍යවරයා මෙසේද කීවේය.

    පාර්ලිමේන්තුවේ සිටින කිහිප දෙනෙකුගේ අශෝබන හැසිරීම නිසා එහි සිටින 225 දෙනාම අපකීර්තියට පත්වෙලා.
    මෙවැනි පාර්ලිමේන්තුවක් මම මීට පෙර දැක නැහැ.

    කිහිප දෙකනුගේ හැසිරීම නිසා මහජනතාවට පාර්ලිමේන්තුව එපා වෙලා. මෙවැනි දේවලින් සිදුවන්නේ රට මෙන්ම පාර්ලිමේන්තුවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීමයි.

    මම 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන නමුත් මීට පෙර මෙවන් තත්ත්වයක් තිබී නැතැයි ද මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.

    තමන් පාර්ලිමේන්තුවට ආ සමයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ඉතා ගරු කළ බවත්, වචනයකින් හෝ එතුමාට අපහසුවක් වෙයි කියා වචන පාවිච්චි කිරීමේ දී පවා ප්‍රවේසම් වූ බවත් කී ඇමතිවරයා වර්තමානයේ කටකැඩිච්චි කතා කියන අය කතානායකවරයාගේ නියෝගයක්වත් ගණන් ගන්නේ නැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බව ද කීවේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img