Home දේශීය පුවත් ජා-ඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි – ශ්‍රීලනිපෙ කොටසක් විරුද්ධව ඡන්දය දෙයි

ජා-ඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි – ශ්‍රීලනිපෙ කොටසක් විරුද්ධව ඡන්දය දෙයි

ජා-ඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි – ශ්‍රීලනිපෙ කොටසක් විරුද්ධව ඡන්දය දෙයි

ජාඇල ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය වැඩි ඡන්ද 13 කින් අද සම්මත විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 23 දෙනා සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු, ස්වාධීන මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පැවසීය.

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සිටින අතර ඉන් තිදෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව ද සභාපතිවරයා කීය .

ජාඇල ප්‍රාදේශීය සභාවේ 2022 වසරේ වියදම රුපියල් කෝටි හතළිහක් ලෙස ද ලෙසද ඇස්තමේන්තු ගත කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here