කිරි දෙනුන් 2,500 ක් කඩිනමින් ආනයනය කරන බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී. හේරත් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරසිටියේ දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමේ අරමුණින් මෙම තිරණය ගත් බවයි.
කිරි ගවයන් ගෙන්වීම සඳහා සමාගම් 04 ක් සඳහා එම සතුන් ගෙන්වීමට අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙහිදී රජය පහසුකම් සැපයිම පමණක් සිදුකරන බවයි.