මුල් පිටුව උණුසුම් පුවත් පැන්ඩෝරා හෙළිදරව්ව නිසා චිලී ජනපතිට දෝෂාභියෝගයක්

පැන්ඩෝරා හෙළිදරව්ව නිසා චිලී ජනපතිට දෝෂාභියෝගයක්

0

පැන්ඩෝරා පත්‍රිකා මගින් ආන්දෝලනාත්මක ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් සති කිහිපයකට පසු චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනෙරා දෝෂාභියෝගයට ලක් කර තිබේ.

කොන්ග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය ඊයේ මෙය ඉදිරිපත් කළේ ඔහු බලයේ සිටියදී පවුලේ දේපලක් විකිණීමට අනුග්‍රහය දැක්වූ බවට වූ චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් සභාවේදී චෝදනා කරමිනි.

පිනෙරා ජනාධිපතිව සිටියදී ඔහුගේ පවුලේ ව්‍යාපාරයක් කොටස් ඩොලර් මිලියන 138 විකිණීම සම්බන්ධ ගිවිසුමක්, අක්වෙරළින් අත්සන් කරන ලද බවට හෙළිව ඇති අතර එකල රජය විසින් නව පාරිසරික රෙගුලාසි පනවා නොගැනීම සම්බන්ධව පැන්ඩෝරා විමර්ශනයෙන් අනාවරණය විය.

එරට විපක්ෂය තර්ක කළේ එම ගනුදෙනුව තුළ නීතිමය තත්ත්වයක් තුළ කියැවෙන සබැඳියාව පිළිබඳ ගැටුමක් ඇති බවයි.

දෝෂාභියෝගය සඳහා වූ ඡන්දයට මන්ත්‍රීවරුන් 155 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ අවශ්‍ය අවම ඡන්ද 78 ක් ලැබුණු අතර පැය 20 ක අඛණ්ඩ සැසියකින් පසුව ඡන්ද විමසීම සිදුවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළුව මන්ත්‍රීන් 67 දෙනෙක් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන්හ. තවත් අය ඡන්දය දීමෙන් වැළකී හෝ නොපැමිණියහ.

මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගෙන් යුත් සෙනෙට් සභාව විසින් ඔහු ඉවත් කරනු ඇතැයි සිතිය නොහැකි බව ද පැවසේ. එහිදී විපක්ෂයට ඇත්තේ ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට අවශ්‍ය ඡන්ද 29 න් 24 ක් පමණි.

පිනෙරා විසින් තමා වැරදි කළ බව ප්‍රතික්ෂේප කරයි. කෙසේවෙතත් දෝෂාභියෝගය දැන් අනුමත කර ඇති අතර එය දැන් සෙනෙට් සභාව වෙත ගමන් කරයි. එරට ජනාධිපති සහ ව්‍යවස්ථාදායක මැතිවරණ මේ මස අගදී පැවැත්වීමට නියමිතය.

Piñera යනු Pandora Papers හි අක්වෙරළ ගනුදෙනු හෙළිදරව් වූ වත්මන් ලතින් ඇමරිකානු ජනාධිපතිවරුන් තිදෙනාගෙන් කෙනෙකි. එමෙන්ම පැන්ඩෝරා ගෝලීය විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස දැන් පරීක්ෂණවලට මුහුණ දෙන ලෝක නායකයින් ගණනාවකින් කෙනෙකි.

පැය 14කට වැඩි කාලයක් තිස්සේ විවාදයට අදහස් දැක්වූ විපක්‍ෂ නායක ජේමි නරංජෝ පැවසුවේ “මෙම පාර්ලිමේන්තුව අපයෝජනයන්ට, මේ රජය ක්‍රියා කර ඇති දණ්ඩමුක්තියට තිත තැබීමට මෙම පාර්ලිමේන්තුවට හැකි බවට ආදර්ශයක් සහ සාක්ෂියක් වීමට මට අවශ්‍යයි. ” යනුවෙනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version