මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත් කරන්න නීතිපති උපදෙස්

ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත් කරන්න නීතිපති උපදෙස්

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දෙයි.

හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වී ඇත.

හිටපු නිලධාරී මණ්ඩලය තව දුරටත් කටයුතු කිරීම නීති විරෝධී යැයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට යොමු කළ විරෝධතාව අමාත්‍යවරයා නීතිපතිවරයාට යොමු කර තිබුනි.

එයට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා මෙම තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version