මුල් පිටුව special සුවබර දිවියට සංගීත චිකිත්සාව – Music Therapy For Health

සුවබර දිවියට සංගීත චිකිත්සාව – Music Therapy For Health

0

හේෂාණි බණ්ඩාර

ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් ” සංගීතය ” නම් මානව කලාංගය බොහෝ කායික, මානසික රෝගීන් සුවපත්භාවය සඳහා යොදා ගනී. බුද්ධ දේශනාවට අනුව සුවය ( Relax ) අත්විඳීමට නොහැකි වූ විට මිනිසාට නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙයි.

මව් කුසෙන් එළිය දුටු දරු පැටියකු නැළවෙන්නේ මවගේ මුවින් පිටවන ආදරණීය වචන, නැළවිලි ගී රාවයෙනි.

අපේ රටේ තරමක් දුර්වල වු සංගීත චිකිත්සාව දියුණු රටවල රෝගීන් සුවපත් වීමට මහත් ඔසුවක් වී ඇත.

නූතන ජීව විද්‍යාඥ පර්යේෂණ හා කායික විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අනුව පෙනහළු නිරෝගී කිරීම, ආසාධන තත්ත්ව අවම කිරිමට ස්නායු පද්ධති නිරෝගීතාවයට ගායන වාදන හා රසාලිප්ත සංගීතමය සංයෝජයන්ට මහත් මෙහෙයක් කළ හැකි බව වාර්තා වෙයි. නූතන හෘද රෝග පිළිබඳව කරනු ලබන බොහෝ වෛද්‍ය මෙහෙයුම් හා ඖෂධ ප්‍රතිකාර හෘද රෝගීන් සුවපත් කිරිමෙහිලා සංගීතය එක් ප්‍රතිකාර රටා ක්‍රමයක් ලෙස යොදා ගනු ලබයි.

හදවත් රෝග හා ලේ ගමනය පිළිබඳ දීර්ඝ කාලීන පර්යේෂණයන් හී නියැළි රුසියානු ජාතික වෛද්‍ය කණ්ඩායම් පවසන්නේ ” ඩෙජියල් ” සංගීත ශ්‍රවණය කිරිමෙන් මානසික ආතතිය මඟහැරි රුධිර සංසරණ රිද්මය නිවැරදි වන බවත් ය.

සංගීතයේ ස්වභාවය රිද්මය තානය හා නාදමය හැඩය මත සිරුරේ වෙනස්කම් හෘද ස්පන්දනීය රිද්ම විපරිත තත්ත්වයන් ඇති වෙයි. ඝෝෂාකාරී වූ අධික රිද්ම තරංග සහිත සංගීතය ශ්‍රවණය වීම පුද්ගල භාවමය සිත ප්‍රකෝප වෙයි. පුද්ගල සිරුරේ නාඩි වේගය, හෘද ස්පන්දනීය රිද්ම ලතාව මෙන්ම මාංශපේශින්ගේ චලනය , අධි රුධිර පිඩනය, ලේ වල සීනි ප්‍රමාණය ඉහළ යෑම සිදුවන බවට ජීව විද්‍යානූකූල පර්යේෂණ පෙන්වා දෙයි.

එමෙන්ම රම්‍යවූත්, සුරම්‍යවූත් සංගීත ශ්‍රවණය මඟින් සුබදායක වූ බොහෝ ප්‍රතිඵල ලැබේ. මානසික ආතතිය මඟ හැරිමට උපකාර වෙයි. රුධිර පීඩනය සමතුලිත වෙයි. මිනිස් සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් පුද්ගල වින්දනය කරන සංගීතය ඝෘජුවම බලපෑම් කරනු ලබයි.

රුසියානු ජාතික මනෝවෛද්‍යවරුන් දෙපළක් වන වෛද්‍ය S. ගුරෙවිච් හා H. චාල්ඛනිකා පවසන්නේ කිසියම් පුද්ගලයෙකු සංගීතයට සවන් දෙන විට සිත කේන්ද්‍ර කරගනිමින් ශාරීරික, මානසික වෙනස්කම් රැසක් ඉවත්ව යන බවයි.

මිනිසාගේ පැවැත්ම හා විනාශය රඳා පවතින්නේ වෛද්‍ය විද්‍යාවේ වගේම සංගීත විද්‍යාවේ සුසංයෝජනය මතයයි. ඔවුන්ගේ නව දර්ශනය, සංගීතයේ දී යොදා ගන්නා රිද්ම තරංග වල නාද සංයෝග වල පවත්නා ඩෙසිබල් ප්‍රමාණය අනුව මිනිසා හා මිහිකත මෙන්ම වායුගෝලය ද ආරක්ෂා වෙන බවයි.

මීට වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ සංගීත චිකිත්සාවක් ලෙස යොදා ගෙන ඇති බව පුරාණවේද ග්‍රන්ථයක් වන ගන්ධර්ව වේදය මනාව විස්තර කර තිබෙයි. වා, පිත්, සෙම් පුද්ගල ශාරීරික දෝෂයන්ට අමතරව මනසේ තත්ත්ව 03 ක් වන සත්ව, රජස්, තමස් ලෙස ආයුර්වේදය තුළ විස්තර කරයි.

සංගීත චිකිත්සක ක්‍රමය හරහා කාර්යබහුල ජීවන රටාව තුළ ඇතිවෙන මානසික, කායික, ශාරිරික පීඩන රෝගයන්ට විශාල පිටුවහලක් ලැබෙයි. උදාහරණ ලෙස විෂාදය, හිසරදය, ඉරුවාවදය, පෙෂර්, දියවැඩියාව, ශ්වසන ආබාධ, හෘද රෝග වැනි සිරුරේ හටගන්නා රෝගයන්ට විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව වෛද්‍ය විද්‍යාව පර්යේෂණ මත සනාථ කරයි.

වර්තමානයේ දී යෝග දර්ශනය කායික මානසික ලිහිල්භාවය ඇතිකරවන යෝග අභ්‍යාස ඉතා ප්‍රචලිත වී ඇත. එහි දී ස්වභාදහම විවිධ නාද රටා / හඩවල් උපයෝගී කරගනී. උදාහරණ විදියට වැසි ජල හඩ, සංගීත භාණ්ඩ හඩ (ගිටාරය/ වයලීනය / සිතාර හඩ/ බටනලා) දිය පහර හඩ, පක්ෂින්ගේ හඩවල්, උදම් රළ හඩ යොදා ගනි.
ඊට අමතරව යෝග ප්‍රගුණ කිරිමේ දී යොදා ගන්නා විවිධ මන්ත්‍ර මනසේ ශක්තීන් අවදි කිරීමට හා මනස ශක්තිමත් කිරීමට යොදා ගනී.

විවිධ භාවයන් උද්දිපනය කිරිමත් කරුණා, වීර්යය රස වල දී දුක් දොම්නස් පහව යන්නා වූ රසයන්ගෙන් යුත් කානී හා ආශාවරී රාගයන්ගෙන් සෑදු සංගීතය යොදා ගනී. විශේෂයෙන් වාත දෝෂයට බලපාන්නා වූ සවස් කාලය තුළ ඇසීමට සැලැස්වීම වඩා ඵලදායි වන බව නවීන පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

සුවපහසු නින්දක් නොලැබීම කාර්යබහුල ජීවන රටාව හා මතු වී තිබෙන විවිධ රෝග වලට බලපෑමක් කරයි. සුවපත් නින්දකට හොඳම ඖෂධයක් ලෙස සංයමදාරී සංගීතය ( Sentimental Tranqilizing Music) බොහෝ පිටුවහලක් වනු ඇත.

Best Wireless Headphones You Can Buy in 2018 — Tecraze

මිහිරි සංගීත භාණ්ඩ රාව සවස් කාලය හා රාත්‍රී කාලයට ඇසීම තුළ පර්යන්ත ස්නායු පද්ධති මගින් නිපදවන නයිට්‍රජන් ඔක්සයිඩ් (No) ප්‍රමාණය වැඩිවීම නිසා විශේෂයෙන් බැක්ටීරියා හා වෛරස් ආසාධන සිරුරට ඇති හැකියාව වැඩිවන බව එනම්, සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවන බව සොයාගෙන ඇත. සිරුරේ හෝමෝන අසමතුලිතතාවයන් පාලනයට සංගීත චිකිත්සාව යොදා ගනී. සිරුරේ උෂ්ණත්වය සමනයට හා ආවේගකාරී සිතුවිලි එනම්, ආයුර්වේදයේ සඳහන් රජස් හා පිත් කෝපාකාරී ගත් ලක්ෂණ පාලනයට ද විශේෂයෙන් ශාන්ත/ කරුණා රසයක් මතු කරන පූර්වී රාගය, මර්මා හා භෛරවී රාගයන් උපයෝගී කර ගැනීම ඵලදායි බව සොයාගෙන ඇත.

රසය යනු කලාවේ බීජයයි. විඳීමට සිතක් තිබිය යුතුයි. අපගේ වම් – දකුණු අර්ධ ගෝල දෙකකින් සමන්විත වන අතර කලාත්මක හැකියාවන් හා නිර්මාණශීලි ක්‍රියාකාරකම් හා දකුණු අර්ධගෝලය මගින් ආදරය, දුක, විරහව එකට බැඳි පවතින හැඟීම්ය. විශේෂයෙන් ම විරහව විවිධ මානසික ශක්ති වලට හේතුවක් ලෙස හැඳින්විය හැක.

තමස් එනම්, උදාසීන ගති ඉස්මතු කරන මෙවැනි අවස්ථාවක ශුංගාර රසය දනවන සංගීතය එනම්, කල්‍යාණ බිලාවල් හා තමජ රාග ආශ්‍රීත සංගීත ශ්‍රවණය මනස සංසුන් කරගෙන යාමට හැකි බව සොයා ගෙන ඇත.

සිතෙහි හටගන්නා අසමතුලිතාවයන් හා මානසික අවපීඩනයන් හේතු කරගෙන පුද්ගල චින්තන රටාවේ වෙනස්කම් ඇති වීම වැළැක්විය නොහැක. ශරිරයේ ජෛව රසායනික ක්‍රියාවලියේ විවිධ වෙනස්කම් පාලනයට නූතන ක්‍රම වේද 02 ක් ප්‍රයෝජනයට ගත හැක.
1.       බෞද්ධ භාවනාව
2.       සෞම්‍ය වූ රාගධාරී / සම්භාව්‍ය සංගීතය

සංගීත ශීල්ප ක්‍රම, නාද සංයෝග මානව හිතවාදි ක්‍රියාකාරකම් වලට වගේම පරිසරයටත් බොහෝ සේ සුබවාදී වී ඇත. උදාහරණ විදියට ඇතැම් ගොවිබිම් වල සංගීත ආශ්‍රය කරගෙන සිදු කර කෘෂිකාර්මික කටයුතු වල දී විශිෂ්ඨ අස්වැන්නක් ලබා ගැනීමට සමත් වූ බව වාර්තා වෙයි.

ඒ වගේම ගර්භණි මවකට තම ප්‍රසුතිය නිරෝගී කර සෞඛ්‍ය සම්පන්න දරු ගැබක් රඳවා ගැනීමට මිහිරි නාද මාලා මිහිරි සංගීතය භාවනා ගාථා උපයෝගී කර ගත හැක.
සංගීතය යනු විශ්ව භාෂාවකි. මිනිසා පමණක් නොව මිහිතලය පවා සුවපත් කරන ගුණයක් මේ සංගීතය සතුව ඇත. වෙම් අපුර්ව වූ සංගීතය යහපත් ලෙස යොදා ගෙන ඔබ ද මිහිතලය ද නිරෝගී සුවය ළඟා කර ගැනීමට හැකියාව උදා කරගනීමු.
 
වෛද්‍ය උපදෙස්
ආයුර්වේද වෛද්‍ය සෙව්වන්දි කොඩිතුවක්කු
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී, නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

කේෂාණි සෙනවිරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version