එක්සත් ජාතීන්ගෙ දේශගුණ විපර්යාස සමුළුව COP 26ට සමඟාමීව අදට යෙදෙන මූල්‍ය හා තාක්ෂණ දිනය (3rd Capacity Building Hub) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද පස්වරු 7ට ඇමතීමට නියමිතව ඇත.
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හා ස්ලයිකැන් භාරය සම-සවිධානයෙන් යුතුව මෙය පැවැත්වෙයි.
මෙහිදී ධාරිතා සංවිධානයට අදාළ පාර්ශ්වකරුවන්ට අත්දැකීම්, නිවැරදි භාවිතයන්, මෙවලම් සහ ක්‍රමවේදයන් ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයනු ඇත.
එමෙන්ම තාක්ෂණය දියුණු කිරීම, බෙදා හැරීම සහ යෙදවීම සඳහා රටවල් සහ අදාළ ක්‍රියාකාරීන්ගේ ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් උගත් පාඩම් සහ ඵලදායී දේශගුණික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අදහසින් දේශගුණ මූල්‍ය වෙත ප්‍රවේශ වීමට සහ කළමනාකරණය කිරීමට අදාළව මෙහි දී අදහස් හුවමාරු වේ.
පැරිස් ගිවිසුමේ 11 වන වගන්තිය මගින් තාක්‍ෂණික සංවර්ධනය, බෙදා හැරීම සහ යෙදවීම සහ දේශගුණික මූල්‍ය වෙත ප්‍රවේශය සඳහා පහසුකම් සැලසීම සඳහා ගිවිසුම යටතේ ධාරිතා සංවර්ධනයේ අවශ්‍යතාවය පිළිබඳව නිශ්චිතව සඳහන් වේ.
අදාළ සමුළුවට පහතින් සජීවීව සම්බන්ධ විය හැකිය.