තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රිතාන්‍යය හදිසියේම ප්‍රංශ තානාපතිවරිය ලන්ඩනයට කැඳවයි

    බ්‍රිතාන්‍යය හදිසියේම ප්‍රංශ තානාපතිවරිය ලන්ඩනයට කැඳවයි

    ප්‍රංශය එරට මුහුදු කළාපයේ මසුන් මරමින් සිටි බ්‍රිතාන්‍ය ධීවර බෝට්ටුවක් පසුගියදා අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරුණු විමසීමට බ්‍රිතාන්‍යයේ සිටින ප්‍රංශය තානාපතිවරිය ලන්ඩනයට කැදවා තිබේ.

    මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට සමත්ව ඇත.

    ඒ අනුව ප්‍රංශය විසින් බ්‍රිතාන්‍ය ධීවර බෝට්ටු සිය වරායෙන් වෙත ඇතුළුවීමට ඉඩ නොදීමටද මත්ස්‍ය නිෂ්පාදන ගොඩ බෑම අත්හිටුවීමටද තීරණය කර ඇතැයි වාර්තා වේ.

    එමෙන්ම ඉදිරියේදී බ්‍රිතාන්‍යයට විදුලිය අපනයනය කිරීම අත්හිටුවීමටද පසුබට නොවන බව ප්‍රංශය සඳහන් කරයි

    ප්‍රංශයයේ මෙම තීරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශ පවසා ඇත්තෙ එය ඉතා අසාධාරණ කටයුතත්තක් බවයි.

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු ප්‍රංශයයට සහ බ්‍රිතාන්‍යට එකිනෙකාගේ මුහුදු කළාපන්වල ධීවර කටයුතු කිරීමට බලපත්‍ර ලබා ගැනීමට සිදු විය.

    ඒ අනුව ප්‍රංශය ධීවර බෝට්ටු  බ්‍රිතාන්‍ය කළාපයට ඇතුළුවීමට ඉල්ලුම් කළ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මීට සති කිහිපයකට පෙර ප්‍රංශ සිට මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබිණ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img