තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊලොන් මස්ක්ගේ ධනයෙන් 2% කින් ලෝකයේම කුසගින්න නිවන්න පුළුවන්

    ඊලොන් මස්ක්ගේ ධනයෙන් 2% කින් ලෝකයේම කුසගින්න නිවන්න පුළුවන්

    ලෝකයේ ඉහළම ධනවතුන් කිහිපදෙනා එක්ව කටයුතු කරන්නේ නම් ලොව සාගතය තුරන් කළ හැකි බවත් ඒ සඳහා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලොන් මස්ක්ගේ ධනයෙන් සියයට දෙකක් පමණක් වැය වන බවත් එක්සත් ජාතීන්ාගේ සංවිධානයෙන් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා පෙන්වා දී තිබේ.

    ඒ අනුව ලොව ඉහළ පෙළේ ධනවතුන් එක්වන්නේ නම් මිලියන ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකියාව පවතින බවත් ආහාර නොමැතිව මරණය අභියස සිටින මිලියන 42ක ජනතාව මුදා ගැනීමට වැයවන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් පමණක් බවද ලෝ ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ප්‍රකාශ කරයි.

    කාලගුණ විපර්යාස සහ වෙනත් යුධ ගැටුම් හේතුවෙන් ලොව ප්‍රදේශ රැසක ජනයා කුසට ආහාරයක් නොමැතිව දැඩි පීඩා විදින අතරම කොරෝනා වසංගතය හේතුවෙන්ද විශාල පිරිසක් බලපෑමට ලක්ව තිබේ.

    මේ අතර තලේබාන් පාලනයට නතුවීමත් සමඟම ඇෆ්ගනිස්තානයෙන් මිලියන 22කට අධික පිරිසක් උග්‍ර අහාර අර්බුදකයකට මුහුණ දී සිටින අතර මේවන විට විශාල පිරිසක් සිය පුද්ගලික දේපල පවා විකුණා දමමින් ආහාර මිලදී ගැනීමට පෙළඹ ඇති බවට වාර්තාවේ.

    එමෙන්ම ඉතියෝපියාවේ යුද ගැටුම් පවතින ටිග්‍රේ හී මිලියන 5කට අධික පිරිසක් ආහාර සහ මූලික අවශ්‍යතා නොමැතිව දැඩි අභියෝගයකට මුහුණ දී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාදීමද දැඩි අර්බුදකාරී තත්ත්වයක් වී ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img