මුල් පිටුව COVID අවුරුදු 15-19 අතර අයගෙන් 13%ක් එන්නත්කරණය අවසන්

අවුරුදු 15-19 අතර අයගෙන් 13%ක් එන්නත්කරණය අවසන්

0

මෙරට අවුරුදු 15ත් 19ත් අතර දරුවන් 13% ක් දෙනා පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල දත්ත පවසයි.

රට පුරා වෙසෙන අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ගේ සමස්තය 1,792,204කි.

මේ අතර වයස අවුරුදු 20ට වැඩි මෙරට සමස්ත ජනගහනයෙන් 89%ක් ඊයේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත.

වයස අවුුරුදු 20ට වැඩි සියලුම දෙනා මේ වනවිට පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

මෙරටට පරිත්‍යාග ලෙස ලැබී ඇති සහ රජය විසින් මිලදී ගත් ඇස්ට්‍රාසෙනෙකා, සයිනෝෆාම්, ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් වී යන එන්නත් මාත්‍රා සමස්තය 33444024 කි.

ඊයේ පස්වරුව වනවිට මෙරට තුළ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 536645 කි. ඉන් 503703ක් සුවය ලබා සිටිති. කොවිඩ් මරණ 13640ක් සිදුවී ඇත.

රට තුළ මේ දක්වා පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ 5440812ක් සිදුකර තිබේ. දිනකට කොවිඩ් පරීක්ෂණ 4931ක් පමණ සාමාන්‍යයෙන් සිදුකරන බව ද එම වාර්තාවේ සඳහන් ය.

දිස්ත්‍රික් වශයෙන් කොවිඩ් එන්නත්කරණය කර ඇති ආකාරය පහත දැක්වේ.

Progress MAP of Vaccination - 26.10.2021 District Summary on 26.10.2021
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version