මුල් පිටුව උණුසුම් පුවත් සීනියර් ඩීඅයිජී රන්මල් කිරිඇල්ලෙදි යකා නටයි

සීනියර් ඩීඅයිජී රන්මල් කිරිඇල්ලෙදි යකා නටයි

0

සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් පුද්ගලයෙක් වටකරගෙන ඇතිවන යම් නොසන්සුන් ත්ත්වයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් newswave.lk කළේය. එහිදී අනාවරණය වන්නේ මෙම සිදුවීම ඊයේ සවස රත්නපුර කිරිඇල්ල මාර්ගයේ ගොරකඇල ප්‍රදේශයේදී සිදුවී ඇති බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් කිහිප දෙනෙක් සමග කිරිඇල්ල දෙසට ගමන්කරමින් සිටියදී ඔහුගේ පසුපසින් පැමිණි ඇක්වා වර්ගයේ මෝටර් රථයක් ඉස්සර කිරීමක් සම්බන්ධයෙන් මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන තිබේ.

අදාල මෝටර් රථයේ රියදුරු ඇතුළු කිහිප දෙනෙක් ගමන් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාර්ශවයෙන් ඔහුට චෝදනා එල්ලකර ඇත්තේ අපරික්ෂාකාරීව රිය ධාවනය නිරීමක් කල බවකි. එම මෝටර රථය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රථය ඉස්සර කිරීමෙන් අනතුරුව ඒ පසුපස පන්නා ගොස් නතරකර ඇති බව සදහන්ය.

එහිදී මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් බීමතින් සිටින බවකි. වීඩියෝවට අනුව පෙනී යන්නේ ඔහු එම චෝදනාව කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට බවකි. එම චෝදනාව රියදුරා විසින් එල්ලකිරීමත් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු පැමිණි රථයට ගොඩවී සිටින අතර විටෙන් විට වාහනයේ සවිකර ඇති අණතුරු ඇගයීමේ සංඥාව නාද කරන අයුරු වීඩියෝවේ පැහැදිලව සදහන්වී ඇත.

උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේ ඇක්වා රථය පැදවූ පුද්ගලයා බීමතින් සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රාත්‍රියේම පොලිස් ඇප මත මුදා හැරිය බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version