මුල් පිටුව උණුසුම් පුවත් අල්ලස් හා ලිංගික අල්ලස් ගන්නා OICලා ගැන අවධානයෙන් සිටිනැයි පොලීසිය භාර ඇමති...

අල්ලස් හා ලිංගික අල්ලස් ගන්නා OICලා ගැන අවධානයෙන් සිටිනැයි පොලීසිය භාර ඇමති ASPලාට කියයි

0
sarath weerasekara

අල්ලස් සහ ලිංගික අල්ලස් ගන්නා පොලිස් ස්ථානාධිපතිවරු සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදා අවධානයෙන් සිට ඒ අයට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යා රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෑතකදී උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරුන් හමුවේ සදහන් කළේය.

“සාමාන්‍යයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක්ට පොලිස් ස්ථාන තුනක් පමණ අධීක්ෂණයට ලැබෙනවා. ඒ යටතේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරයෙක්, නිලධාරීන් අල්ලස් ගන්නවනම් ලිංගික අල්ලස් ගන්නවා නම් වෙනත් දූෂණ වැඩ වල යෙදෙනවා නම් ඕගොල්ලොන්ගේ බුද්ධි අංශ යවලා ඒ අයට විරුද්ධව ක්‍රියා කරන එක ඔබලාගේ යුතුකමක්. එසේ නොකර අපේ බුද්ධි අංශ යොදවලා යම් ස්ථානාධිපතිවරයෙක් නිලධාරී‍‍‍‍‍යෙක් අපිට අනාවරණය වුනොත් ඔවුන් භාරව සිටින සහකාර පොලිස් අධිකාරීවරයාට විරුද්ධව කටයුතු කරනවා“ යැයි ඇමතිවරයා පවසයි.

“උසස්වීම් ලැබුන වගේම වෙනත් පහසුකම් ලැබෙනවා වගේම වගකීම්ද වැඩි වෙනවා. තමාගේ යටතේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ සුභසාධනය ද බලන්න ඕනේ ඒකත් ඉතාම වැදගත් දෙයක්. බොහෝ පොලිස් ස්ථානවලට මම ගියා. බොහෝ තැන් වල පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය බලන ආකාරයක් මට පෙනුණේ නෑ. පැය 8කට එහා රාජකාරි කරන අපේ නිලධාරීන්ට තමන්ගෙ පොලිස් ස්ථානයට ඇවිල්ලා හොඳට ඇඟපත හෝදගෙන නිදා ගන්න පුළුවන් තැනක් සකසලා තියෙනවා නම් ඒක තමයි සුභසාධනය කියන්නේ. ඒ නිසා ඔවුන් පරිහරණය කරන වැසිකිලිය, නාන කාමරය, මුළුතැන්ගෙය, නිදන කාමරය සහ කාර්යාලය හොඳට තියෙන්න ඕනේ. සුභසාධනය හොඳට තිබ්බොත් තමයි කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වුනොත් තමයි ඉතාම උසස් ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ“ යැයිද මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version