මුල් පිටුව දේශීය පුවත් පළාත් රැසකට අද සවස මහ වැසි

පළාත් රැසකට අද සවස මහ වැසි

0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 01.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගෙවී ගිය පැය 24 ත්‍රළ වැඩිම වර්ෂාපතනය නුවරඑළියට ඇද හැලී ඇති අතර මිලි මීටර් 123.5 ක වර්ෂාපතනයක් නුවරඑළියට ඇද හැලී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version