තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆේස්බුක් නම වෙනස් කරන්න යයි

    ෆේස්බුක් නම වෙනස් කරන්න යයි

    ෆේස් බුක් සමාගම එළැඹෙන සතියේදී සිය නම වෙනස් කිරීම නියමිත බවත් එමගින් නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට සැලසුම්කර ඇති බවත් වර්ජ් වෙබ් අඩවිය අනාවරණය කරයි.

    ඒ අනුව ෆේස් බුක් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරීයා වන මාක් සකර්බර්ග විසින් එළැමෙන 28 වැනිදා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද අදාල වෙබ් අඩවිය සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම නම වෙනස් කිරීමට අදාල දිනයට පෙරද සිදු කිරීමට බොහෝවිට ඉඩ ඇති බවත් එමගින් සිය ව්‍යාපරික කටයුතු හුදෙක් සමාජ ජාල මාධ්‍ය වලට පමණක් සිමා කිරීමෙන් ඔබ්බට යෑමට බාලාපොරෙත්තු වනු ඇති බවටද වර්ජ් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    ඒ අනුව සමාගමේ විශාලතම නිෂ්පාදනය වන ෆේස්බුක් වෙබ් අඩිවය සහ අනෙකුත් සමාජ ජාල වේබ අඩවිද අදාල නව නාමකරණයකට ලක්වෙන සමාගම යටතේ පාලනය වීමට නියමිත බවද වාර්තාවේ.

    කෙසේ වෙතත් මෙම නව තීරණය සම්බන්ධනේ ෆේස් බුක් සමාගම තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවද වර්ජ් වෙබ් අඩවිය සඳහන් කරයි.

    සමාජ ජාල මාධ්‍යක් ලෙස සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ ෆේස්බුක් සමාගම මේවන විට වෙනත් තාක්ෂණික නිෂ්පාදන කෙරෙහිද අවාදනය යොමුව ඇති අතර මේනව විට දස දහසකට අධික පිරිසක් එහි සේවය කරනු ලබයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img