තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්පාඤ්ඤය ගණිකා වෘත්තීය තහනම් කිරීමට සැරසෙයි

    ස්පාඤ්ඤය ගණිකා වෘත්තීය තහනම් කිරීමට සැරසෙයි

    ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් විසින් එරට තුල ගණිකා  වෘත්තීය තහනම් කිරීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර ඇත.

    සිය පක්ෂ සාමාජිකයන් සමග ඉරිදා පැවති හමුවක් අතරතුදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

    අග්‍රාමාත්‍යවරයා එහිදී ගණිකා වෘත්තීය කාන්තාවන් වහල් සේවයක යෙදීමකට සමාන කර ඇති අතර කාන්තාවන්ට එය අභිමානවත් ජීවිතක් ගත කිරීමට බාදාවක් බවද පෙන්වාදී ඇත.

    ස්පාඤ්ඤ 1995 වසරේදී ගණිකා වෘත්තීය සාපරාධී ක්‍රියාවක් නොවන බවට ප්‍රකාශ කළ අතර ඒත් සමඟ එහි විශාල වර්ධනයක් වාර්තා විය.

    එක්සත් ජාතීන්ගේ සංගමය පවසන පරිදි 2016 වරෂයේදී ස්පාඤ්ඤ ගණිකා වෘත්තීය ඩොලර් බිලියන 4.2ක අගයක් ගෙන තිබේ.

    2009 වර්ෂයේ කළ සමීක්ෂණයකදී ස්පාඤ්ඤ සෑම පිරිමින් තුන් දෙනෙකුගෙන් එක් අයකු ගණිකවක් ඇසුරු කර ඇති බවට අනාවරණය විය.

    ස්පාඤ්ඤ ගණිකා වෘත්තීයට තහනමක් නොමැති වීමේන් බොහෝ කාන්තාවන් නීතිවිරෝධීව එරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තීය යොදවන බවටද පසුගිය කාලයේදී වාර්තා විය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img