මුල් පිටුව උණුසුම් පුවත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් පිහි ඇනුමකින් මරුට

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් පිහි ඇනුමකින් මරුට

0

පිහි ඇණුමකට ලක්විමෙන් බ්‍රිතාන්‍යයේ කෙන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඒමස් මර්ණයට පත්ව තිබේ.

හැට නව හැවරිදි වියේ පසුවූ මන්ත්‍රීවරයා නැගෙනහිර එංගලන්තය ආසන්නයේ අද දහවල් දේවස්ථානයකදී සිය ඡන්ද දායකන්න හමුවූ අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

පිහි ඇණුම සම්බන්ධයෙන් සැකපිට 25 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් මන්ත්‍රීවරයාට පිහි පහරවල් කිහිපයක්ම එල්ල කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් ප්‍රහාරවලින් දරුණු තුවාල ලැබූ මන්ත්‍රීවරයා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවට බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සැකකරු සමඟ පහරදීම සිදු කළ පිහියද සොයා ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය සමත්ව ඇති අතර පහරදීමට හේතු මේ වන තෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවද පොලිසය සඳහන් කරයි.

පිහි පහරින් මරණට පත්වූ මන්ත්‍රීවරයා 1983 වර්ෂයේ සිට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර 2015 වර්ෂයේදී ඔහුගේ සමාජ සේවා කටයුතු වලට බ්‍රිතාන්‍යය මහ රැජින විසින් ඔහුට නයිට් පදවියක්ද ලබාදෙනු ලැබ තිබේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version