මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් මෙවරත් කඨින පෙරහැර බැහැ

මෙවරත් කඨින පෙරහැර බැහැ

0

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත මෙම වර්ෂයේදීත් කඨින චීවරය රැගත් පෙරහැර පැවැත්වීමට අවසර හිමි නොවන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එසේම කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසරය හිමි වන්නේ උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පිංකම අවසානයේදී පැවැත්වෙන කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම ද උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන කළ යුතු බව බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version