Home උණුසුම් පුවත් ප්‍රංශයෙන් ප්ලාස්ටික් තහනමක්

ප්‍රංශයෙන් ප්ලාස්ටික් තහනමක්

0
ප්‍රංශයෙන් ප්ලාස්ටික් තහනමක්

එළැඹෙන වසරේ ජනවාරි මාසයේ සිට එළවළු සහ පළතුරු සඳහා ප්ලාස්ටික් ඇසුම් භාවිතා කිරීමට තහනම් කිරීමට ප්‍රංශය තීරණය කර තිබේ

ප්‍රංශය ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන යන වැඩසටහන යටතේ මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවතම දත්තවලට අනුව ප්‍රංශය එරට එළවළු සහ පළතුරු වලින් 37%ක් ප්ලාස්ටික් ඇසුම්වල අලෙවි කිරීම සිදුකරන අතර නවතම නීතිය අනුව වසරකට ප්ලාස්ටික් ඇසුරුම් බිලියනයක් පමණ පරිසරයට මුදාහැරෙන බවටද අනාවරණය වේ.

ඒ අනුව එරට පරිසරය අමාත්‍යාංශය සදහන් කරනු ලබන්නේ එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් භාවිතය සැලකිය යුතු මට්ටමකින් පහත දැමීමට නව වැඩසටහන දායක වනු ඇති බවයි.

කෙසේවෙතත් පළතුරු සහ එළවළු අලෙවිකරුවන් පවසන්නෙ කාඩ්බෝඩ් ඇසුම්වල නිෂ්පාදන අලෙවි කිරීම ඉතා අභියෝගාත්මක කරුණක් බවයි.

මේ අතර ප්‍රංශය ඉදිරි වසර කිහිපයේදී ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here