Home උණුසුම් පුවත් සූර්‍ය බල විදුලි ව්‍යාපෘති ටෙන්ඩර් හිතාමතා පමාකරන බවට චෝදනා

සූර්‍ය බල විදුලි ව්‍යාපෘති ටෙන්ඩර් හිතාමතා පමාකරන බවට චෝදනා

සූර්‍ය බල විදුලි ව්‍යාපෘති ටෙන්ඩර් හිතාමතා පමාකරන බවට චෝදනා

මෙගාවොට් 140ක සුර්ය බල විදුලි ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීම සූර්ය බල සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හිතාමතාම වසරක් තිස්සේ පමාකරන බවට සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.

සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කිසිදු හේතුවක් නොමැතිව එම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීම වසරකට වඩා පමා කිරීම ආන්ඩුවේ විදුලිබල ගණනය කිරීමේ ප්‍රතිපත්තියට පටහැනි බවද එම ලිපි මගින් පෙන්වා දී තිබේ.

එම නිසා මෙගාවොට් 140 ක සුර්ය බල විදුලි ව්‍යාපෘතිය සඳහා විනිවිදභාවයෙන් යුතුව ටෙන්ඩර් කැඳවන ලෙස තම සංගමය ඉල්ලා සිටින බවට ජනාධිපති වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here