මුල් පිටුව දේශීය පුවත් ඉහළ දැමූ ලිට්‍රෝ ගැස් මිල පොඩි ගානකින් අඩුකරයි

ඉහළ දැමූ ලිට්‍රෝ ගැස් මිල පොඩි ගානකින් අඩුකරයි

0

මිල පාලනයෙන් ගිලිහීමත් සමඟ අසාමාන්‍ය ලෙස ඊයේ රාත්‍රියේ ඉහළ දැමුණු ලිට්‍රෝ ගෑස් මිල අද දහවල් වන විට සුළු ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉහළ දැමූ මිලෙන් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 75කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 14කින් අඩු කොට ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.2675ක් ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 1071ක් ද, කිලෝග්‍රෑම් 2.3 බර ගෑස් සිලින්ඩරයක මිල රු. 506ක් ද වශයෙන් ලිට්‍රෝනව මිල ප්‍රකාශය කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version