Home උණුසුම් පුවත් රට පුරා දොස්තරලා ලබන බදාදා වර්ජනයක්

රට පුරා දොස්තරලා ලබන බදාදා වර්ජනයක්

රට පුරා දොස්තරලා ලබන බදාදා වර්ජනයක්

රට පුරා සේවය කරන වෛද්‍යවරු ලබන බදාදා පැය 4ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ප්‍රමාද කිරීමට විරෝධය දැක්වීමක් ලෙස එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද බව ද එදින පෙරවරු 8 සිට දහවල් 12 දක්වා එම වෛද්‍යවරු වර්ජනයේ නිරත වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ස්ථානමාරු සකස් කිරීම ප්‍රමාද වන බව ද 2021 ස්ථාන මාරු ප්‍රකාශයට පත් කිරීම මාස නවයක් ප්‍රමාද වූ බවද ප්‍රනාන්දු මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙල නිවැරදි කරන ලෙස බලකරමින් එම සංකේත වැඩ වර්ජනය දියත් කරන බවද වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here