Home උණුසුම් පුවත් ණය කන්දරාව නිසා සෞඛ්‍ය සේවා සැපයුම් නවතීද?

ණය කන්දරාව නිසා සෞඛ්‍ය සේවා සැපයුම් නවතීද?

ණය කන්දරාව නිසා සෞඛ්‍ය සේවා සැපයුම් නවතීද?

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1200කට අධික මුදලක් ණය වී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

ඔක්සිජන් සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි පහළොවක් ද රසායනාගාර සේවා සඳහා රුපියල් කෝටි 250 ක් ආදී වශයෙන් රුපියල් කෝටි 1200ක් ණය වී ඇත ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

එම ණය මුදලින් රුපියල් කෝටි සියයකට වඩා වැඩි මුදලක් වසරකට වැඩි කාලයක් තිස්සේ ගෙවීමට තිබෙන ඒවා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව කළ විමසුමකදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ණය නොගෙවීම නිසා අදාල සේවා සැපයීම නතර කිරීමට සැපයුම්කරුවන් තීරණය කර ඇති බවය.

ඔක්සිජන් සැපයීම රසායනාගාර සේවා කටයුතු නතර කිරීම සිදුවුවහොත් අඛණ්ඩව රෝහල් සත්කාරක සේවා සිදු කළ නොහැකි තත්වයක් උද්ගතවන බව ද රවි කුමුදේශ් මහතා කීය.

එම නිසා ඉදිරියේදී රට පුරා රෝහල්වල දැඩි අර්බුදයක් හට ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here