Home උණුසුම් පුවත් පෞද්ගලික ආරක්ෂක නිලධාරි අවම වැටුප ඉහළට

පෞද්ගලික ආරක්ෂක නිලධාරි අවම වැටුප ඉහළට

පෞද්ගලික ආරක්ෂක නිලධාරි අවම වැටුප ඉහළට

පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරියකුගේ අවම මාසික වැටුප රුපියල් 16000 දක්වා ඉහළ නංවා ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරියකුගේ අවම මාසික වැටුප රුපියල් 10500 ක් ව පැවති අතර පසුව එය රුපියල් 12500 ක් දක්වා ඉහළ නැංවූ බව ද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් ඉකුත් අගෝස්තු මස 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ අවම මාසික වැටුප රුපියල් 16000 දක්වා ඉහළ නංවා තිබෙන බවද හෙතෙම පැවසීය.

පුද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරියකු දිනකට සේවය කළ යුතු පැය ගණන නවයක් වන අතර ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කළේ නම් ඔහුට අතිකාල ගෙවීමට කටයුතු කළ යුතු බවද නිමල් සිරිපාල සිල්වා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here