තවත්
    මුල් පිටුවCOVIDකොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි

    කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි

    ඇමරිකාව එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයින්ගෙ මරණ සංඛ්‍යාව ඊයේ (1) වන විට ලක්ෂ හත ඉක්මවා ගොස් තිබේ.

    ඒ අනුව කොරෝනා වෛරසයෙන් වැඩිම ප මරණය සහ ආසාදිතයින් වාර්තාවන්නෙද ඇමරිකාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ  දත්ත පෙන්වා දෙයි.

    ගතවූ සතියක කාලය තුලදී ඇමරිකාවෙන් දෛනිකව සාමන්‍යක් ලෙස කොරෝනා ආසාදිත මරණ 2000ක් පමණ වාර්තා වූ බවද රොයිටර් පුවත්සේවය සඳහන් කරයි.

    ඉතා වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පසුගිය කාලය තුල ඇමරිකානු රෝහල්වල උපරිම ධාරිතාවයට පැමිණි අතර ගතවූ සතියක කාලයේදී පමණක් දළ වශයෙන් දිනකට ආසාදිතයින් ලක්ෂකට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

    මේ අතර ඇමරිකාව එරට ජනගහනයෙන් 56%ක් පූර්ණ එන්නත්කරනයට ලක්කර තිබුනද සංඛ්‍යාත්මකව තවත් විශාල පිරිසක් එන්නත් ලබාගැනීමෙන් වැලකී සිටීම ගැටලුකාරී තත්ත්වය බවට පත්ව තිබේ.

    උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඇමරිකාවේ නිව්‍ යෝර්ක් නුවර නගරාධිපතිනිය එහි එන්නත් ලබානොගත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල සේවය තහනම් කිරීමටද නියෝග කළාය.

    මේ අතර එරට තුල තෙවන් මාත්‍රාවද ලබාදීම ආර්ම්භ කර ඇති අතර ඊට ජනතාව උනන්දු කරවීමට ඇමරිකානු ජනාධිපතිවරයා විසින්ද තෙවන මාත්‍රාව ලබාගනු ලැබීය.

    සහන් රතනසේකර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img