Home COVID සංචාරකයින් නිසා කොවිඩ් රැල්ලක්! – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

සංචාරකයින් නිසා කොවිඩ් රැල්ලක්! – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

සංචාරකයින් නිසා කොවිඩ් රැල්ලක්! – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් චෝදනා

විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක්නොකිරීමෙන් රට තුළ කොවිඩ් රැල්ලක් මතු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම මාර්ගඋපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන හෝ PCR පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර ඔවුන් කටුනායක ගුවන්තොටුපලෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබීම භයානක තත්ත්වයක් යැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ අතිනවීන රසායනාගාරයක් ස්ථාපිත කර තිබියදී සංචාරකයින් සඳහා පීසීආර් පරීක්ෂණ නොකිරීම කිනම් හෝ හස්තයක බලපෑමක් දැයි සැකකරන බව ද විශේෂඥ වෛද්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here