තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්රොමේනියාවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කල රෝහලක ගින්නකින් හත්දෙනෙකු මරුට

    රොමේනියාවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කල රෝහලක ගින්නකින් හත්දෙනෙකු මරුට

    රොමේනියාවේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කළ රෝහලක දැඩි සත්කාර ඒකකයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මරණයට පත්ව ඇත.

    රෝහල තුල ගින්න පැතිරයාමත් සමඟම ඉහළ මහල්වල සිටි රෝගීන් ජනෙල් වලින් බිමට පැන දිවි ගලවා ගැනීමට උත්සහ කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

    ගින්න පැතිරයාම වාර්තා වීමත් සමඟම රෝගීන්ගේ ඥාතීන්ට රෝහල ඉදිරියට පැමිණි සිද්ධිය පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට විරෝධතාවක්ද පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වසරක කාලයක් තුල රොමේනියාවේ රෝහලක ඇති වූ තෙවන ගිනි ගැනීම මෙය වේ.

    ඉකුත් පෙබරවාරි මාසයේ  කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කළ ගින්නකින් සිව් දෙනෙකුද  නොවැම්බර් මාසේ ගිනි ගැනීමකිම් දස දෙනකුද මරණයට පත්විය.

    සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරන රොමේනියාවේ ජනාධිපති පවසා ඇත්තේ කලයක පටන් එරට සෞඛ්‍ය පද්ධතියේ යටිතල පහසුකම් වල  අඩුපාඩු රැසක් පවතින බවයි.

    මේවන විට සිව්වන කොරෝනා රැල්ලෙන් රොමේනියාවට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර යුරෝපා කළාපයේ අනෙක් රටවලට සාපේක්ෂව එරට එන්නත්කරනයද ඉතා අඩු මට්ටමක පවතී.

    සහන් රතනසේකර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img