කොරෝනා ආසාදිතයින්ගෙ අඩුවීමත් සමඟ ප්‍රංශයේ ප්‍රාථමික පාසල් වල දරුවන්ට ඔක්තෝම්බර් 4 වැනිදා සිට මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කළ නීතිය ඉවත් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.
ඒ අනුව පුද්ගලයින් ලක්ෂයක් අතරින් කොරෝනා ආසාදිතයින් 50කට අඩු සංඛ්‍යාවක් අඛණ්ඩව දින පහක් තුල වාර්තා වූ ප්‍රදේශය වල පමණක් මුඛ ආවරණ නීතිය ඉවත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් ප්‍රංශයේ පැරිස් නුවර සහ ඊට ආසන්න නාගරික ප්‍රදේශ වලට තවදුරටත් මුඛ ආවරණ පැදලීම තවදුරටත් අනිවාර්ය කර ඇති බවටද එරට රජය සඳහන් කරයි.
ප්‍රංශය මේවන විට ඉතා සාර්ථකව සිය එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව සාධණීය ලෙස වෛරසය පාලනය කරමින් සිටින බවට වාර්තා වේ.