මැතිවරණ දූෂණ චෝදනා වලට වැරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාර්කෝසි හට වසරක සිර දඬුවමක් නියමවී ඇත.
සාර්කෝසි හට 2012 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට අනුමත අගය ඉක්මවා මුදල් වැයකිරීමට සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි.
ප්‍රංශ මැතිවරණ නීතිය අනුව ජනාධිපති අපේක්ෂකයකුට මැතිවරණ කටයුතු සඳහා උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ යූරෝ මිලියන 22.5 කි
ඒ අනුව අදාල අගය ඉක්මවා සාර්කෝසි සිය මැතිවරණ කටයුතු වලට මුදල් වැයකර ඇති බවට චෝදනා එල්ලවී තිබිණි.
ප්‍රංශයේ පැරිස් නුවර අධිකරණයක් විසින් ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව සාර්කෝසි අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතීඥයා ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් වාර්තා වන අන්දමට සාර්කෝසි හට සිරගතව වීමක් වෙනුවට සිය නිවස තුල වසරක කාලයක් ගත කිරීමට නියෝග කිරීමේ හැකියාවක් පවතින බවද පැවසේ.
සාර්කෝසි 2007 සිට ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර 2012 ජනාධිපතිවරණයේදී සමාජවාදී පක්ෂයේ ෆ්‍රංශුවා ඔලන්ද් හමුවේ පරාජය විය.