Home උණුසුම් පුවත් වසන්තය ගේන්න හදිසි වුණොත් වසංගතය නරක අතට

වසන්තය ගේන්න හදිසි වුණොත් වසංගතය නරක අතට

වසන්තය ගේන්න හදිසි වුණොත් වසංගතය නරක අතට

රට විවෘත කර වසන්තය කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි වීම නිසා නැවතත් රට පුරා වසංගත රැල්ලක් ඇති වීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කීය.

ගුවන් මගින් සහ සංචාරකයින් සඳහා PCR පරීක්ෂණ නොකිරීම නිසා විශාල සෞඛ්‍ය අවදානමක් හට ඇතිවන බවද එය ඉතා බරපතළ තත්ත්වයක් යැයිද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කොළඹදී අද පැවැති සාකච්ඡාවකදී රවි කුමුදේශ් මහතා කීය.

එංගලන්තය, ප්‍රංශය වැනි රටවල තත්වය වැරදි අයුරින් පෙන්වා දී ව්‍යාපාරිකයින් පිරිසකගේ අවශ්‍යතාවය මත තීන්දු තීරණ ගැනීම නිසා කොවිඩ් වසංගතය යළිත් රට පුරා පැතිර යාමේ අවදානමක් හටගෙන ඇතැයි ද එසේ වුවහොත් තීන්දු තීරණ ගන්නා විශේෂඥයින් එම වගකීම දැරිය යුතු බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේශ් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here