Home උණුසුම් පුවත් නාරාහේන්පිට- වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාල හෙට සිට ඇරේ

නාරාහේන්පිට- වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාල හෙට සිට ඇරේ

නාරාහේන්පිට- වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාල හෙට සිට ඇරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල මහජන සේවාවන් සඳහා හෙට (01) සිට නැවත විවෘත කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සී කේ අලහකෝන් මහතා පැවසීය.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ හෙට සිට මහජන සේවය සඳහා විවෘත කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

අවශ්‍ය සේවා ඉටුකර ගැනීමට අපේක්ෂිත පුද්ගලයින් 0112677877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් අවශ්‍ය සේවය සලසා ගත හැකි බව ද මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා කීය.

මීට අමතරව රියැදුරු බලපත්‍ර සඳහා 0707677977 සහ වාහන ලියාපදිංචිය සඳහා 0707677877 යන දුරකථන අංක ඔස්සේ අවශ්‍ය විමසීම් කළ හැකි බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here