Home COVID ඥාති මිත්‍ර සංග්‍රහ නිසා රටේ යළි කොවිඩ් අවදානමක් ගැන ජනපතිට ලියුමක්

ඥාති මිත්‍ර සංග්‍රහ නිසා රටේ යළි කොවිඩ් අවදානමක් ගැන ජනපතිට ලියුමක්

ඥාති මිත්‍ර සංග්‍රහ නිසා රටේ යළි කොවිඩ් අවදානමක් ගැන ජනපතිට ලියුමක්

නුසුදුසු ඥාති මිත්‍ර සංග්‍රහ හේතුවෙන් නැවත රට කොවිඩ් වසංගතයට බිලිවීමේ අවදානමක් ඇතැයි වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පෙන්වා දී ඇත.

කොවිඩ් පැතිරීම සම්පූර්ණයෙන්ම නවත්වා ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ඉඩතිබූ මොහොතක 2020 වසර අවසානයේ දී රටට නොගැළපෙන ආකාරයෙන් සංචාරකයන් ගෙන්වා රට යළිත් කොවිඩ් වසංගතයට ඇද දැමූ බවද වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

යුක්‍රේන සංචාරකයින් ගෙන්වා ශ්‍රී ලංකාවේ ජනතාව පර්යේෂණාගාර මීයන් බවට පත්කිරීමට ඉකුත්දා බැසිල් රාජපක්ෂ සහ උදයංග වීරතුංග යන මහත්වරු පියවර ගත් බවට එම ලිපියේ සඳහන් වේ.

ඖෂධ ගෙන්වීමෙන් සහ නිරෝධායන සඳහා හෝටල් වෙන්කිරීමෙන් ලාභ ලැබීමත්, විවිධ නොගැලපෙන කටයුතු සඳහා අවසර ලබා දීමත් සිදුවන්නේ ඥාති මිත්‍රාදීන්ගෙන් බවද එම ලිපිය සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here