Home COVID සංචරණ සිමා කඩ නොකර කැනඩා සහ ඇමරිකා දේශසීමාවේ පැවති අපූරු විවාහය

සංචරණ සිමා කඩ නොකර කැනඩා සහ ඇමරිකා දේශසීමාවේ පැවති අපූරු විවාහය

0
සංචරණ සිමා කඩ නොකර කැනඩා සහ ඇමරිකා දේශසීමාවේ පැවති අපූරු විවාහය

කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාව විසින් කැනඩා වැසියන්ට ගොඩබිමින් සිය රටට ඇතුලුවීම තහනම් කර ඇති මොහොතක නීති උල්ලංඝණය නොකර කැනඩාවේ වෙසෙන මානාලියගේ පවුලේ සමාජිකයින් සමඟ පැවැත්වූ අපූරු විවාහ මංගල උත්සවයක් පිළිබඳ ඇමරිකාවෙන් වාර්තාවේ.

ඒ අනුව කේරන් මහෝනි සහ ඇගේ සැමියා වන බ්‍රයන් රේ විසින් කැනඩාව සහ ඇමරිකාව වෙන් කරන දේශ සිමාව ආසන්නයේ මෙම විවාහ මංගල්‍යය පවත්වා ඇති අතර ඒ සඳහා විශාල වැටවල් හෝ ගේට්ටු නොමැති දේශ සීමා ප්‍රදේශයක් ඔවුන් විසින් තොරාගනු ලැබීය.

එහිදී මනාලියගේ දෙමාපියන් සහ 96 හැවරිදි මිත්තනිය කැනඩානු දේශ සීමාවේ රැදී සිට ඇති අතර මනාල යුවල ඇමරිකානු දේශ සීමාවේදී විවාහ වී ඇත.

එහෙත් මෙම පිරිස අතර දුර අඩි කිහිපයක් පමණක් වී ඇති බැවින් මනාලියගේ පවුලේ සාමාජිකයින්ට විවාහයට කිසිඳු භාදාවකින් තොරව එක්වීමට අවස්ථාව හිමිවී තිබේ.

එසේම මානල යුවල සමඟ කැනඩාවේ සිටි මානලියගේ පවුල් සමාජිකයින් මංගල ඡායාරූප වලටද එක්වීමද විශේෂ්තවයකි.

මෙම අවස්ථාව දේශ සීමාවේ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුව ඇති අතර එහිදී කිසිම අයුරකින් කිසිවෙකු දේශ සීමා නීති රීති උල්ලංඝණ කිරීමක් සිදු නොකිරීමට වගබලාගෙන තිබිණි.

මෙහිද අදහස් දක්වමින් මනාලිය පවසා ඇත්තේ  “මම මගේ මිත්තනියට ගොඩක් ආදරෙයි. ඇය මගේ ජීවිතයේ සුවිශේෂීම චරිතයක්. ඇය නොමැතිව මට කිසිම අයුරකින් මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව සැමරීමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා මම ඇයව කොහොම හරි මගේ විවාහට එක්කරගත්තා” යනුවෙනි.

කැනඩා වැසියන්ට ගොඩබිමින් ඇමරිකාව පැමිණීමට නොහැකි වුවත් ගුවන් මාර්ගයෙන් එන්නත් ලබාගත් පිරිසට පැමිණිමී අවසර හිමිවේ. කෙසේ වෙතත් ගුවන් ගමනේදී සිය මිත්තනියට ඇතිවිය හැකි අවදානම් තත්ත්වය හේතුවෙන් තමන් මෙම අයුරින් සිය විවාහ උත්සවය පැවැත්වූ බව මහෝනි පවසා තිබේ.

කෙසේ වෙතත් සංචරණ සීමා උල්ලංඝණය නොකර පැවැත්වූ මෙම විවාහ පිළිබඳ මේවන විට ඇමරිකානු සහ කැනඩා මාධ්‍ය වල විශාල වශයෙන් කතා බහ කිරීමට පටන්ගෙන ඇති බවටද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here