Home උණුසුම් පුවත් UGC සභාපති අක්කර 78ක කහපොල ඉඩමක් ඉල්ලයි

UGC සභාපති අක්කර 78ක කහපොල ඉඩමක් ඉල්ලයි

UGC සභාපති අක්කර 78ක කහපොල ඉඩමක් ඉල්ලයි

පිලියන්දල කහපොල පිහිටි අක්කර 78 කින් යුත් භූමි භාගය ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

පිළියන්දර කහපොළ පිහිටී එම ඉඩමේ ශාක්‍ය ජනපදයක් ස්ථාපිත කිරීමට යහපාලන ආණ්ඩුව පියවර ගෙන තිබුණද පසු අතරමඟ එම වැඩසටහන නතර වී තිබිණ .

අක්කර 78කින් යුත් එම භූමි භාගය තුළ ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කර ඊට විදේශ සිසුන් පන්දහසක් පමණ බදවා ගත හැකි බවද එම නිසා රටට විදේශ විනිමය ලබා ගත හැකි බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

රජය එම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දුනහොත් ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ පවත්වන සහ ඉහළ උපාධි ලබා දෙන ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට ද අවශ්‍ය සැලසුම් තමා සතුව තිබෙන බවද සම්පත් අමරතුංග මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here