රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන රැසක මේ වන විට ලොකු පුටු හිස්ව ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ රෝහල්වල පරිපාලන නිලධාරී තනතුරු 326ක් තිබෙන අතර මේ වන විට ඉන් තනතුර 165 ක් දක්වා අඩු වී ඇතැයි ද සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන තනතුරු, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ තනතුරු, පළාත් සභා රෝහල් ගණනාවක අධ්‍යක්ෂ තනතුරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අංශයේ විශාල තනතුරු සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතින බවද ජයන්ත බණ්ඩාර මහතා කීය.
එම තනතුරුවලට සුදුසුකම් පවා සපුරා ඇති පරිපාලන නිලධාරින් සිටියදී එම තනතුරු තවදුරටත් පුරප්පාඩුව පවත්වාගෙන යාම වස්තඔබ වස්තු සෞඛ්‍ය සේවයම බිඳ වැටීමට ලක් වන බව ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.
එමනිසා ඉතා ඉක්මනින්ම පුරප්පාඩු සම්පූර්ණ කර රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යන්නයි සෞඛ්‍ය ලේකම්වරයා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.