Home උණුසුම් පුවත් තවමත් රුපියල්වලට නොහැරුණු ඉපයූ ඩොලර් මිලියන ගණනක් ගැන මහ බැංකුව කියයි

තවමත් රුපියල්වලට නොහැරුණු ඉපයූ ඩොලර් මිලියන ගණනක් ගැන මහ බැංකුව කියයි

තවමත් රුපියල්වලට නොහැරුණු ඉපයූ ඩොලර් මිලියන ගණනක් ගැන මහ බැංකුව කියයි

මේ වසරේ ශ්‍රී ලංකාවේ මාසික අපනයන ඉපයුම් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඉකුත් 2020 වසරට සාපේක්ෂව මේ වසරේ අපනයන ඉපයීම් ඉහළ ගොස් තිබෙන බවද ඒ අනුව 2020 වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 837ක්ව පැවති මාසික අපනයන ඉපයුම් මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 985ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන් ඉකුත් ජුනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මාසික අපනයන ඉපයුම් තවදුරටත් ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව කියයි.

එහෙත් ඉකුත් කාලයේදී අපනයන ඉපයුම් වල මුළු ආදායම ශ්‍රී ලංකාවට ලැබී නොමැති බව ද ඒ නිසා මුළු ඩොලර් ආදායම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය වී නොමැති බවද ලංකා මහ බැංකුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here