Home උණුසුම් පුවත් මහියංගන විහාරාධිපති හිමි ඇතුළු පිරිසකට වැරදි PCR ප්‍රතිඵල ඇවිත්

මහියංගන විහාරාධිපති හිමි ඇතුළු පිරිසකට වැරදි PCR ප්‍රතිඵල ඇවිත්

මහියංගන විහාරාධිපති හිමි ඇතුළු පිරිසකට වැරදි PCR ප්‍රතිඵල ඇවිත්

සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් වැරදි පීසීආර් වාර්තා හේතුවෙන් තමන් වහන්සේට සහ පන්සලේ කාර්යමණ්ඩලයේ කීප දෙනෙකුට නිකරුනේ නිරෝධායනය වීමට සිදුවූ බව මහියංගන රජමහ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නා හිමියෝ නාහිමියෝ පැවැසූහ.

මහියංගන රෝහලේ කාර්ය මණ්ඩලය විහාරස්ථානයට පැමිණ තමන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුත් පීසීආර් පරීක්ෂණවලට ලක් කළ අතර එම වාර්තා අනුව තමන් ඇතුළු පිරිස කොරෝනා ආසාදිතයන් බව සඳහන් කළ බවද උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියෝ පැවසූහ.

ඉන් අනතුරුව පන්සල වසා දමා ගේට්ටු ඉබි යතුරු තමා තමන් වහන්සේ සහ සේවකයින් පිරිස දින කිහිපයක් නිරෝධායනයට ලක්වූ අතර තමන් වහන්සේට ඇති වූ සැකයක් මත මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු නැවතත් පිරිසක් පමණ තමන් වහන්සේට සහ අනෙකුත් පිරිස පීසීආර් පරීක්ෂණයට ලක් කළ බව ද බවද එම වාර්තා අනුව සියලුම දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

වැරදි පීසීආර් පරීක්ෂණ වාර්තා හේතුවෙන් තමන් වහන්සේ ඇතුළු පිරිස බලවත් අපහසුතාවකට පත්වූ බව ද මහියංගන රාජමහා විහාරාධිපති නාහිමියෝ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here