Home උණුසුම් පුවත් මොනරාගල ප්‍රා.සභාවේ සභික ධුරය පුරවන්න සති 3ක් ඉල්ලයි

මොනරාගල ප්‍රා.සභාවේ සභික ධුරය පුරවන්න සති 3ක් ඉල්ලයි

මොනරාගල ප්‍රා.සභාවේ සභික ධුරය පුරවන්න සති 3ක් ඉල්ලයි

මොනරාගල ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව තිබෙන සභික ධූරය පිරවීම සඳහා සති තුනක පමණ කාලයක් ලබා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මොනරාගල ප්‍රාදේශීය සභාවේ මදුරුකැටිය කොට්ඨාශයේ නියෝජිතයා මැතිවරණ සමයේ දී අල්ලස් හා මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් මොනරාගල මහධිකරණය පවරන ලද නඩුවට අනුව ඔහුගේ සභික ධුරය අහෝසි වී ඇති හෙයින් ඊට සුදුස්සකු තෝරාගැනීම සඳහා සති තුනක කාලයක් ලබා ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

සභික ධුරය අහිමි වී සිටින නියෝජිතයාට අභියාචනා කිරීමේ අවස්ථාව හිමි වන හෙයින් එම කාලය දින විසි එකක් බවද එම දින 21ක් තුළ ඔහු අභියාචනයක් නොකරන්නේ නම් එම පුරප්පාඩුවට වෙනත් සුදුසු අපේක්ෂකයෙකු නම් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

යම් හෙයකින් සභික ධුරය අහිමි වූ අපේක්ෂකයා අභියාචනාධිකරණයේ නඩු පැවරුවහොත් එහි තීන්දුව ලැබෙන තෙක් එම පුරප්පාඩුව සම්පූර්ණ කළ නොහැකි බවද බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here