Home COVID මෙරට කොවිඩ් රෝගීන් අතර තවත් දිලීර රෝගයක්

මෙරට කොවිඩ් රෝගීන් අතර තවත් දිලීර රෝගයක්

මෙරට කොවිඩ් රෝගීන් අතර තවත් දිලීර රෝගයක්

කළු දිලීර රෝගයට සමාන තවත් දිලීර රෝගයක් කොවිඩ් රෝගීන් අතර පැතිර යමින් තිබෙන බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී විශේෂඥ වෛද්‍ය උපමාලි ජයසේකර මහත්මිය පැවැසුවාය.

ඇස්පජිලස් නමැති එම දිලීර රෝගය වැළඳුණු කොවිඩ් රෝගීන් 700 දෙනෙකු පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය ජයසේකර මහත්මිය පැවසුවාය.

කොරෝනා ආසාදිත රෝගීන් ට ඇස්පජිලස් නැමැති එම දිලීර රෝගය වැළඳෙන බව පරීක්ෂණවලින් තහවුරු වූ බවද විශේෂඥ වෛද්‍යවරිය කීවාය මේ අතර කළු දිලීර රෝගය වැළදුණු කොවිඩ් රෝගීන් 12 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here