මුල් පිටුව special වාතයේ කාබන් අංශුවලින් පොළොව හැඩකරන ටයිල්

වාතයේ කාබන් අංශුවලින් පොළොව හැඩකරන ටයිල්

0

ලොව වායු දූෂණය වැඩිම නගර 30 අතරින් 21 ක්ම ඉන්දියාවේ පිහිටා ඇති බවට වාර්තා වේ. වසරකට ඉන්දියානුවන් මිලියනයක් පමණ වායු දූෂණය හේතුවෙන් මියයන බවටද ඇතැම් වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියාව ලොව දෙවැනියට විශාලතම ගඩොල් නිෂ්පාදකයා වීම මෙයට ප්‍රධානතම සාධකයක් වී ඇත (ලෝකයේ කාබන් නිෂ්පාදනයෙන් 20% කටම හේතූවනුයේ ගඩොල් පෝරණු නිසා ඇතිවන කාබන් විමෝචනයයි). වායු දූෂණය නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීම සඳහා නවෝත්පාදනයක් ඉදිරිපත් කිරීම මගින් ගත් කදිම ආදර්ශයක් පසුගියදා විදෙස් ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි. ඒ වායුගෝලයේ ඇති කාබන් අංශු ඇසුරින් නිර්මාණය කර ඇති, පොළොවට අල්ලන ටයිල් වර්ගයක් නිර්මාණය කිරීමයි.

තේජාස් සිද්නාල්

වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඉන්දීය ජාතික තේජාස් සිද්නාල් විසින් ආරම්භ කරන ලද, Carbon Craft Design නම් ආයතනය මගින්, වායුගෝලයේ ඇති කාබන් අංශු ලබාගෙන, ඒ ඇසුරෙන් මෙම අලංකාර ටයිල් වර්ගය නිර්මාණය කිරීම සිදු කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු විසින් පවසා ඇත්තේ, ගෘහ නිර්මාණ ශීල්පීන් ලෙස ලෝකයට මෙවන් හානියක් තමන් අතින් සිදු වීම පිළිබඳව තමන් ඉමහත් ලැජ්ජාවට පත්වූ බවත්, මේ සඳහා පිළියමක් සෙවීම තම මූලික වගකීමක් ලෙසට සැළකු බවයි. මේ අනුව තම නව නිෂ්පාදනය සැලසුම් කල බවත් ඔහු විසින් වැඩිදුරටත් පවසා ඇත.

මෙම ටයිල් වර්ගය නිපදවීම සඳහා Carbon Craft Design ආයතනය, වාහන සහ කර්මාන්ත ශාලා මගින් පිටකරන කාබන් අංශු ඇසුරින් Air Ink නම් තීන්ත ආලේපයක් නිර්මාණය කළ Graviky Labs නම් ආයතනය සමඟ හවුල්කාර ගිවිසුමක් ඇති කරගෙන ඇති අතර Graviky Labs ආයතනය මගින් Carbon Craft Design ආයතනය වෙත සිහින් කුඩක් ලෙස සකසා වාතයේ ඇති කාබන් අංශු ලබාදීම සිදු කරයි.

Carbon Craft Design ආයතනය විසින් මෙම කාබන් අංශු, සිමෙන්ති සහ මාර්බල් කොටස් සමග මිශ්‍ර කර, මෙම නව ටයිල් වර්ගය නිර්මාණය කරයි. මෙම ටයිල් වලින් 70% ක් ම අපද්‍රව්‍ය ආශ්‍රයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වන අතර ටයිල් වර්ග මීටරයක් ඇමරිකානු ඩොලර් 29කට පමණ මිළකර ඇති බවට වාර්තා වේ. මෙය සාමාන්‍ය ටයිල් වර්ගයකට වඩා තරමක් දුරට මිළෙන් වැඩි වුවද, එමගින් පරිසරයට වන සේවය සුළුපටු නොවේ.

 

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

 

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version