තවත්
    මුල් පිටුවCOVID"පරීක්ෂණ නොකර දරුවන්ට කොවිඩ් එන්නත දෙන්න එපා"

    “පරීක්ෂණ නොකර දරුවන්ට කොවිඩ් එන්නත දෙන්න එපා”

    නිසි විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා නොදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කොවිඩ් මරණ වැළැක්වීම එකමුතුව අද සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

    පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළ යුතු නමුත් අත්හදා බැලීමට හෝ පරීක්ෂණ කිරීමට කොරෝනා එන්නත් ලබාදීමට ළමයින් යොදා නොගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද සෝභිත හිමියෝ කීහ.

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා දරුවන්ට එන්නත් ලබාදීමට විද්‍යාඥයින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැති අතර ඒ සඳහා අනුමැතියක් ලැබී නැතැයි ද ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

    එම නිසා ශ්‍රී ලංකාවේ දරුවන්ට කොහෙත් මර්දන එන්නත් ලබා දී අත්හදා බැලීමක් සිදු නොකරන ලෙසත් පාසල් විවෘත කරන්නේ නම් ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ද සෝභිත හිමියෝ කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img