Home උණුසුම් පුවත් රඳවා සිටින අන්තරේ ක්‍රියාකාරිකයන්ගේ ජීවිත අනතුරේ යැයි කොමසාරිස්ට ලියුමක්

රඳවා සිටින අන්තරේ ක්‍රියාකාරිකයන්ගේ ජීවිත අනතුරේ යැයි කොමසාරිස්ට ලියුමක්

රඳවා සිටින අන්තරේ ක්‍රියාකාරිකයන්ගේ ජීවිත අනතුරේ යැයි කොමසාරිස්ට ලියුමක්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට විරෝධය පෑම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින සමාජ ක්‍රියාකාරිකයින්ගේ ජීවිත අනතුරට වැටී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත හා කෝෂිලා හංසමාලි යන පස් දෙනා ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන දින හතළිහක් තිස්සේ බන්ධනාගාර ගතකර සිටින බවද විශ්වවිද්‍යාල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, එහි වැඩබලන කැඳවුම්කරු උදාර සඳරුවන් මහතාගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

එම පිරිසෙන් හතර දෙනෙකුට මේ වන විට බන්ධනාගාරය තුළදී කොවිඩ් ආසාදනය වී ඇතැයි ද බන්ධනාගාරය තුළදී කොවිඩ් ආසාදනය වීමට ඉඩහැර ඔවුන්ගේ ජීවිත අනතුරට පත් කිරීමට බලධාරීන් ක්‍රියාකරන බවට සැක පහළ වන්නේ යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු යවා ඇති ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට, මානව හිමිකම් සංවිධාන, සියලු තානාපති කාර්යාල, අධිකරණ ඇමතිවරයා වෙත ද යවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here