Home COVID කොවිඩ් සුවවුණත් මේ ගැන අවධානයෙන් ඉන්න

කොවිඩ් සුවවුණත් මේ ගැන අවධානයෙන් ඉන්න

කොවිඩ් සුවවුණත් මේ ගැන අවධානයෙන් ඉන්න

කොරෝනා අසාදිතව සුවය ලැබූ පසුවත් මාස කීපයක් යනතුරු විවිධ අපහසුතා මතුවිය හැකි යැයි හෝමාගම මූලික රෝහලේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා පැවසීය.

විටින් විට ඇතිවන කැස්ස, කෑම අරුචිය, මහන්සිය, පපුවේ කැක්කුම, නින්ද නොයාම, මතකය අඩුවීම, විශාදය වැනි තත්ත්වයන් පශ්චාත් කොවිඩ් සමයේ දී ඇතිවිය හැකි යැයිද ඔහු පැවසීය.

නිවසේ සිට ප්‍රතිකාර ලැබූවන්ට වඩා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන්ට මෙම තත්ත්වයන් ඇති විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

පශ්චාත් කොවිඩ් සමයේ දී ඉහතින් සඳහන් කළ අපහසුතා එකක් හෝ කීපයක් ඇති විය හැකි හෙයින් ඔබේ ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා කීය.

එසේ වෙතත් සුවය ලැබූ කොවිඩ් රෝගීන් විවේකීව ගත කරන අතරේම පවුලේ අනෙක් සාමාජිකයින් සමග එදිනෙදා සාමාන්‍ය කටයුතුවලට හවුල් වීමට ක්‍රමක්‍රමයෙන් යොමු වීම වැදගත් බව ද ගලබඩ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here