Home COVID රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගී දරුවන් නිවෙස් ප්‍රතිකාර ඇරඹේ

රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගී දරුවන් නිවෙස් ප්‍රතිකාර ඇරඹේ

රෝග ලක්ෂණ නැති කොවිඩ් රෝගී දරුවන් නිවෙස් ප්‍රතිකාර ඇරඹේ

කොවිඩ් ආසාදිත දරුවන්ට බරපතළ රෝග ලක්ෂණ නොමැති නම් ඔවුන් නිවෙස්වල තබා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන වනවිට ආරම්භ කර ඇතැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

තදබල උණ ගතියක් නොමැති නම් එම දරුවන් නිවෙස්වල තබා ප්‍රතිකාර ලබාදිය යුතු අතර දියර ආහාර හැකි තරම් ලබාදිය යුතු බවද බවද ඔවුන්ට විවේකය අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

එවැනි කොවිඩ් ආසාදිත දරුවකු නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදී තදබල උණ ගතියක් ඇති වුවහොත් පැරසිටමෝල් නිසි මාත්‍රාවට ලබාදී ලබා දී රෝහල්ගත කිරීම ඉතා වැදගත් බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here