මුල් පිටුව පරිසරය නැගෙනහිර මුහුදේ දි ජපන් ගුවන් ප්‍රහාරයෙන් ගිලුනු BRITISH SERGEANT

නැගෙනහිර මුහුදේ දි ජපන් ගුවන් ප්‍රහාරයෙන් ගිලුනු BRITISH SERGEANT

0

ගාල්ල මුහුදු පුරාවිද්‍යා එකකය මගින් වාර්ෂිකව නැගෙනහිර මුහුද ආශ්‍රිතව කරන ලද ගවෙිෂණ වලදි. ප්‍රදේශයේ ධිවරයන් විසින් වකරේ බල ප්‍රදේශයේ කායන්කේනි ගාම නිළධාරි වසමට අයත් කායන්කේනි මුහුදු තීරයේ සිට කිලෝමීටර් පහක පමණ දුරින් මිටර් 25 ගැඹුරු මුහුදේ ගිලුනු නෞකාවක් පිළිබඳව දැන ගන්නට ලැබුණු අතර එම නෞකාව ගවෙිෂණය කිරිමෙිදි මෙය ලෝක යුද්ධ සමයේ ජපනුන් විසින් ගුවන් ප්‍රහාරයන් මගින් ගිල්වා දැමු British Sergeant නෞකාව ලෙස හදුනා ගන්නා ලදි . මුහුද යට සිරි අසිරිය මගින් එම නෞකාව පිළිබඳව ඓතිහාසික කතාව පිලිබඳව දැනුවත් කරන්නෙමු.

1922 බිතාන්‍ය පාර්මස් නැවි නිෂ්පාදන සමාගම විසින් ඉදිකරන ලද මෙම නෞකාව ඉන්ධන ප්‍රවාහනය සදහා යොදා ගත් වෙළෙඳ නෞකාවක් ලෙස මුල් කාලිනව තම සේවය ලබා දෙන ලදි. 1940 මැයි මාසයේදි මෙම නෞකාව ඇලෙක්සැන්ඩ්‍රියාව බලා යාත්‍රා කලේය. එහිදි මොහුගේ රාජකාරිය වුයේ නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ රාජකාරි කටයුතු සිදු කරන නාවික හමුදාවට ඉන්ධන සැපයුම් කිරිමයි. 1942 ජුනි මස 26 වන දින බිතාන්‍ය නැගෙනහිර මධ්‍යධරණි බල ඇණියේ නිජබිම වු ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි සුවස් ඇල හරහා රතු මුහුදේ වරායව් අතර යාත්‍රා කරන ලදි.1940 ජුලි මසයේ ප්‍රංශ නාවික හමුදාව යටත් කර ගැනිමෙන් පසු ඔවුන් සතු යුධ නැවි කිහිපයක් වරයන් වෙත ඇදගෙන යාමද මෙම නෞකාව විසින් සිදු කරන ලදි. වෙළෙඳ නෞකාවක් වුවත් කෙමෙන් කෙමෙන් යුධ කටයුතු වලට සම්බන්ධ විය. බිතාන්‍ය නාවික හමුදාවන්ට ඉන්ධන පිරවුම් හලක් වශයෙන් ද මෙම නෞකාව කටයුතු කරන ලද.

1940 වර්ෂයේ දෙසැම්බර් අග බොම්බායට යාත්‍රා කල අතර එහිදි ශ්‍රී ලංකාවේ Trincomalee වෙතද යාත්‍රා කරන ලදි. නැවත 1941දි ග්රීසිය බලා පිටත් වු අතර එහිදි වරායක නවතා දමා තිබු උණ්ඩ පුරවන ලද නෞකාවක ඇති වු පිපිරීමෙන් මෙම නෞකාවටද සුලු හානි සිදුවිය. විවිධ ප්‍රහාරයන්ට ලක්වු British Sergeant නැවත 1942 ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එ ඔහුගේ අවසන් ගමන විය. ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට යොදා සිටි බිතාන්‍ය නාවිකයන් හ එක් වු British Sergeant මේ වන විට යුධ උපකරණ වලින් සමන්විත විය. කාලතුවක්කු 7ක් ලුවිස් තුවක්කු 03 ක් හා විශේෂ තුවක්කුකරුවන් 03 හා නාවිකයන් හා කාර්‍ය මණ්ඩලය 59 දෙනෙකු සිට ඇත.

1942 අ⁣ෙප්‍රලේ මස ,5 දින HMS හර්මිස් ඇතුළු යුධ නෞකා Trincomalee ආසන්න මුහුදේ තිබු අතර ජපන් ජාතිකන් දෙවන ලෝක යුධ කටයුතු වලට අවතීර්ණ වෙම්න් බිතාන්‍යට එරෙහිව ප්‍රහාර එල්ල කල අතර ජපන් ජාතිකන්ට අයත් ගුවන් යානා මගින් නැවි වලට ප්‍රහාර එල්ල විය HMS හර්මිස් මුලින් එයට මුහුන දුන් අතර එය දැනගත් British Sergeant වෙිගයෙන් නෞකාව වෙනත්.දිශාවකට යාත්‍රා කලහ. එ මඩකලපුව ආශ්‍රිත මුහුදු කලාපයටය නමුදු ජපනුන් අයත් වැල් IVD3 A1 ප්‍රහාරය ගුවන් යානය මගින් British Sergeant වෙත ප්‍රහාර එල්ල කරන ලද අතර නෞකාව දෙකට කැඩි ගිලි විනාශ විය.

ජිවිත කිහිපයක් බිලිගත් අතර තවත් පිරිසක් ජිවිතාරක්ෂක බෝට්ටු වල නැගි පලා ගියහ. නැව වර්තමානයේ මාලු අභිජනනය සදහා මහත් දායකත්වයක් සපයන ලද තෝ තැන්නකි. නැව දෙකට කැඩි කොටස් දෙකක් වශයෙන් ගිලි ඇත.එක කොටසක් මුනින් අතට ගිලි ගොස් ඇති අතර අනෙක් කොට උඩ අතට පිහිටා ඇත. වසර ගනනක් රටවල් කිහිපයකම සංචාරය කොට ශ්‍රී ලංකාවේ මුහුදේ අවසන් ගමන් ගිය තවමත් ප්‍රතාපවත් ලීලාවෙන් මුහුද යට වැජඹෙන ආකාරය දැකිය හැකිය.

චමල් ගමගේ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version