Home COVID කොවිඩ් සුවවූ මවට ලද සිවුනිවුන් දරුවන් උපතේදීම මියගිහින්

කොවිඩ් සුවවූ මවට ලද සිවුනිවුන් දරුවන් උපතේදීම මියගිහින්

කොවිඩ් සුවවූ මවට ලද සිවුනිවුන් දරුවන් උපතේදීම මියගිහින්
A mother is holding in the hands feet of newborn triplets baby.

අම්පාර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගර්භනී මාතාවක් සිවු නිවුන් දරු උපතක් සිදු කර ඇති අතර ඇයගේ දරුවන් හතර දෙනාම උපදින අවස්ථාවේදීම මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අම්පාර විජිතපුර ගමේ පදිංචි පස් මස් ගැබිනි මාතාවක් වන ඇය කොරෝනා ආසාදිත ව දින කිහිපයක් අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව සුවය ලබා නිවසට ගොස් තිබේ.

ඉන්පසු නැවත හදිසියේ අසනීප වීම නිසා රෝහල් ගතකර ඇති අතර ඇය දරු ප්‍රසූතිය සඳහා යොමු කර ඇත.

එහිදී පිරිමි දරුවන් දෙදෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු ප්‍රසූත කළ බවද දරුවන් හතර දෙනාම ප්‍රසූත කරන අවස්ථාවේ මියගොස් සිටි බව ද අම්පාර මහ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

කොවිඩ් ආසාදනය වීම නිසා සිදු වූ සංකූලතා හේතුවෙන් ඇයගේ දරුවන් සියලුදෙනාම මෙලෙස මියයන්නට ඇතැයි සැක කරන බව ඔහු පැවසීය.

දරුවන්ගේ සහ මවගේ දේහයන් සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ ආදාහනය කිරීමට පියවර ගත් බවද අම්පාර කොවිඩ් කමිටුව සඳහන් කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here