මුල් පිටුව උණුසුම් පුවත් බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට – 50ක් මේ සතියේ

බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට – 50ක් මේ සතියේ

0

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 250ක ණය මුදලේ පළමු වාරිකය වන ඩොලර් මිලියන 50 ක් මේ සතියේ දී ලංකාවට ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒ විදේශ විනිමය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහය වීම උදෙසා ය.

බංග්ලාදේශයෙන් වෙනත් රටකට ලබා දෙන ප්‍රථම ණය මුදල මෙය බව පැවසේ.

බංග්ලාදේශ බැංකුව (බීබී) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (සීබීඑස්එල්) පසුගිය 3 වැනිදා අත්සන් කළ මුදල් හුවමාරු ගිවිසුමට අනුව මෙම ණය මුදල ලබා දේ.

මෙම ගනුදෙනුවට අනුව, දිවයිනේ ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින විදේශ සංචිත ඉහළ නැංවීමට සහ එහි විනිමය අනුපාතිකය මත පීඩනය අඩු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දෙනු ඇත.

මෙම ණය මුදල අදියර තුනකින් ලබා දෙනු ඇත. මහ බැංකුවේ ණය මුදලේ පළමු වාරිකය මේ සතියේ ලබා දෙනු ඇත.

ඉතිරි කොටස් දෙක සඳහා ඩොලර් මිලියන 100 බැගින් ඇතුළත් වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version